Milky Way Photography Tips
- Ashan Upekshaka
- Jul 13, 2019
- 4 min read
Updated: Jul 14, 2019
මොකද්ද මේ Milky Way කියන්නේ ?
අපේ පෘථිවිය පිහිටා ඇත්තේ සල්පිලාකාර මන්දාකිනියක. අපි ඉන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය එක්ක ඒ සල්පිලාකාර මන්දාකිනියේ එක් තැනක. හිතන්න ඒක තැටියක් වගේ කියලා. ඔබ මන්දාකිනියේ කේන්ද්‍රය දිහා බැලුවොත් ඔබට වැඩිපුර තරුයි, වායු වලාකුලුයි බලාගන්න පුලුවන්. ඒකට කියන්නේ මන්දාකිනියේ හරය එහෙම නැත්තම් Milky Way Core එක කියලා. ඔයා ගොඩක් අදුරු ප්‍රදේශයක හිටියොත් ඔයාගේ පියවි ඇසටම මේ මන්දාකිනි හරය බලාගන්න පුලුවන්. පෘථිවිය සූර්‍යයා වටා බ්‍රමනය වෙන නිසා අපිට අවුරුද්දේ හැම කාලෙටම මේක බලාගන්න බෑ. අපේ රට සමකය ආසන්න රටක් උනත් මධ්‍ය රේකාවෙන් උතුරු අර්ද ගෝලය පැත්තට තියෙන නිසා අපිට මේක දැකගන්න පුලුවන් මාර්තු ඉදන් ඔක්තෝම්බර් වෙනකන්. එයිනුත් තීව්‍රර විදිහට බලාගන්න පුලුවන් අප්‍රේල් අග ඉදන් ජුලි අග දක්වා. ඉතින් මන් හිතන විදිහට ඔයාට Milky Way එක ගැන සැලකිය යුතු අවබෝධයක් දැන් ඇති.

කොහොමද මේ Milky Way core එක හොයාගන්නේ ?

Software develop කරන අය මේ වැඩේ පහසුවෙන් කරගන්න Apps හදලා තියනවා. මන් පුද්ගලිකව පාවිච්චි කරන්නේ Photopills කියන ඇප් එක එක. ගොඩක් අය අහලා තිබුනා මේ ඇප් එක පාවිච්චි කරන හැටි පොඩ්ඩක් කියලා දෙන්න කියලා Milky Way එකක් හොයාගන්න. මන් මෙතන ඒකත් කතා කරන්න ගියොත් මේ Blog එක ගොඩක් දික් වෙනවා ඒක නිසා ඒකට වෙන Blog එකක් ලියන්නම් ලගදීම. Photopills වලට අමතරව,
The photographers Ephemeris
Dark sky finder
Star chart
වගේ App පාවිච්චි කරන්නත් පුලුවන්. ඔයාට මේ Apps ඔයාගේ Smart phone එකේ App Store එකට ගියානම් ලේසියෙන්ම ගන්න පුලුවන්. හැබැයි මෙතන තියන බොහෝමයක් App සල්ලි ගෙවලා ඕනි ගන්න.
Milky Way Core එක චායාරූප ගත කරන්න අවශය දේවල් මොනවද ?
පලවෙනි දේ අදුරු තැනක් - Light pollution නැති තැනක් වෙන්න ඕනි. (check out DarkSky.org) අදුරු තැනක් උනා කියලා Milky Way එක අනිවාරෙන් පේන්නේ නෑ. කාලගුනය හොද වෙන්න ඕනි. ඒ වගේම හද නැති හෝ අවම දවස් නම් ගොඩක් හොදයි. අමාවක වගේ. මොකද ගොඩක් හද තියන දවස් වලට මේ Milky Way එක පේන්නේ නෑ. හදේ එලිය නිසා. හැබැයි පේන්නේ නෑ කියලම නෑ හදත් එක්ක පේන වෙලාවලුත් තියනවා කලාතුරකින්.
කැමරාවක් - මේක DSLR හරි Mirror less කැමරාවක් හරි වෙන්න පුලුවන්. ඒ කැමරාවේ විශාල ISO අගයකට යන්න පුලුවන් නම් ඒකත් අපිට අමතර වාසියක්. දැන් go pro කියන Action cam එකත් සෑහෙන්න ජනප්‍රියයි නේ ලංකාවේ. මේ GoPro එකෙනුත් මේ වැඩේ කරන්න පුලුවන්. මම නම් පුද්ගලිකව මේක උත්සහ කරලා නෑ. ඒ උනත් මන් දන්න අය කිහිප දෙනෙක් ඉන්නවා මේ GoPro වලින් ක්ශීරපතයේ චායාරූප ගත්ත.
ලෙන්ස් එකක් - අපිට wide Angle ලෙන්ස් එකක් තියන තරමට වැඩේ ලේසියි. මොකද වැඩි ප්‍රමානයක් ආවරනය කරගන්න පුලුවන් නිසා. ඒ කියන්නේ full frame body එකක නම් 12mm , 14mm, 16mm වගේ අඩු අගයක් තියන ලෙන්ස් එකක්. මගෙන් ගොඩක් අය අහපු තව දෙයක් තමයි කිට් ලෙන්ස් එකකින් අපිට මේ වැඩේ කරන්න බැරිද කියන දේ. පුලුවන් කිට් ලෙන්ස් වලිනුත් මේ වැඩේ කරන්න පුලුවන්. තව වැදගත් දෙයක් තමයි අපි භාවිතා කරන ලෙන්ස් එකේ f value එක. ඒ කියන්නේ Aperture එක. ලෙන්ස් එකේ f value එක අඩු වෙන තරමට මේ වැඩේ තවත් පහසු වෙනවා.
Tripod එකක් - මේක නම් විශේශ එකක් කියලා නෑ. ඕන Brand එකක හොද Tripod එකක් තිබ්බානම් ඇති. මොකද අපි මේ ක්ශීරපතය චායාරූප ගන්නකොට වැඩි වෙලාවක් කැමරාව නිරාවරනය කරලා තියන නිසා ඒ කාලය තුල කැමරාව හෙල්ලෙන්නේ නැතුව තියාගන්න ඕනි.
Remote එකක් - මේකනම් අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේකේ තියන වාසිය තමයි අපිට කැමරාව අල්ලන්නේ නැතුව කැමරාව පාලනය කරන්න පුලුවන් Bulb mood එක හරහා. මේක නෑ කියලා ප්‍රශ්නයක් කරගන්න එපා මේක නැතුව අපිට ෆොටෝ එක ගන්න පුලුවන්.

Milky Way Core එක චායාරූපයට ගන්නේ කොහොමද ?
අවංකවම මේක හරිම ලේසි වැඩක්. දැන් අපිට අවශය දේවල් ඔක්කොම තියනවා. අර ඇප් නිසා අපි Milky Way එකේ Core එක කොහෙද තියෙන්නේ කියලා දන්නවා. අපිට දැන් ෆොටෝ එක ගන්න තමයි තියෙන්නේ. මුලින්ම කැමරාව Tripod එකට සම්බන්ද කරගෙන Tripod එක හොද ස්තායී තැනක නොසෙල්වී තියන්න වග බලාගන්න ඕනි. Tripod එක හෙල්ලෙනවා වගේ නම් මැද්දෙන් බරක් එල්ලන්න.

ඊලගට ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි Milky Way එක ගන්න Settings මොනවද කියලා. මන් පාවිච්චි කරන්නේ Sony Mirror Less කැමරාවකුයි 16-35 mm f2.8 කියන ලෙන්ස් එකයි. මන් පාවිච්චි කරන Settings තමයි,
15 or 20s, f2.8, ISO 3200
සරලව ඕනි කෙනෙක්ට පාවිච්ච් කරන්න පුලුවන් විදිහට මන් මෙහෙම කියන්නම්. Shutter speed එක 15 හරි 20 හරි පාවිච්චි කරන්න කියන්නේ ඒට වඩා වැඩි අගයකට ගියොත් Star trail එක වදින නිසා. මොකද අපි චායාරූපය ගන්න කොටත් පෘථිවිය බ්‍රමනය වෙනවා. සාමන්‍යෙන් හොදම කාලය 15s නමුත් ඔබට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැතුව 20 s වෙනකන් යන්න පුලුවන්. ඊලගට අඩුම f value එක පාවිච්චි කරන්න. මොකද අපිට Milky Way එක හොදට හසුකර ගන්න Aperture එක උපරිම විවර කරන්න වෙනවා. ගොඩ දෙනෙක් kit ලෙන්ස් ගැන ඇහුව නිසා ඒකත් කියන්නම්. Kit lens එකක නම් අඩුම f අගය 3.5 ඒක නිසා චායාරූපයට ගන්න වෙලාවට ඒ අගය තියාගන්න. අනෙක තව කට්ටියක් ඇහුවා අඩුම f value එක 4 නම් මේ වැඩේ කරන්න බැරිද කියලා. කරන්න පුලුවන් ඒ වෙලාවට ක්ශීරපතය තීව්‍රර කරගන්න කරන්න පුලුවන් හොදම දේ තමයි කැමරාව එකම Angle එකේ තියාගෙන ෆොටෝස් ගොඩක් අරගෙන ඒවා Stack කරන එක. මේක ඒ අයට විතරක් නෙවෙයි අනිත් අයටත් කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් මන් f 2.8 ලෙන්ස් එකකින් ගැහුවත් ඒ දේ කරනවා.
හරි දැන් settings හදාගෙනත් ඉවරයි ඊලගට කරන්න තියෙන්නේ ෆොටෝ එක ගන්න Milky Way Core එක Focus කරගන්න. අපි මේකට ලෙන්ස් එක අනන්තයට focus කරගන්න ඕනි. Infinity mark (∞) එක තියන ලෙන්ස් එකක් නම් මේ වැඩේ හරි ලේසියි. එහෙම නැති ලෙන්ස් එකක් නම් ඔයාට කරන්න වෙන්නේ දීප්තිමත් තරුව බලලා ඒකට manual focus කරලා ඊට පස්සේ ලෙන්ස් එකට ටේප් එකක් හරි ගහලා lens එක lock කර ගැනීම. එහෙම නැත්තම් දවල්ට හොදට පේන නිසා අනන්තයට focus කරලා ටේප් එකක් ගහලා තියලා තියන එක. මන් මගේ Crop body එකෙන් ගහන කාලේ කරේ අන්න ඒ වැඩේ.
ඒට පස්සේ ඔයාට Remote එකක් නැත්තම් Shutter delay එක 2s or 10s දාන්න. මොකද අපි එහෙම Shutter delay එක දුන්නේ නැත්නම් අපි shutter button එක click කරනකොට එන හෙලවීම නිසා ෆොටෝ එක blur වෙන්න පුලුවන්. මන් නම් කියන්නේ පුලුවන් නම් 2s දාන්නෙත් නැතුව 10s ම දාන්න කියලා. ඒක තවත් හොදයි.

තව එක දෙයක් White Balance එක Auto දාලා තියන්න එපා කොයි වෙලාවකවත් Milky Way ගද්දී. ඒක ඒ තැනේ විදිහට බලලා කෙල්වින් අගයක් දාගන්න. ඕනි කෙල්වින් අගය බලන්න නම් test shot දෙක තුනක් අරන් බලන්න වෙයි. මොකද මන් එහෙම කිව්වේ ඔයා single shot එකක් විතරයි නම් ගන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.හැබැයි ඔයා පැනරෝමා එකකට හරි stacking කරන්න හරි ෆොටෝස් ගන්නවානම් ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද පැනෝ එකට ගත්ත shot ටිකේ එක එක frame වල එක එක කෙල්වින් වල white balance තිබ්බොත් ඒක එකට එකතු කරනකොට post process එකෙන් 100% ක් හදන්න අමාරුයි. ඒක නිසා White Balance එක අපි Manually කෙල්වින් අගයකට දාගන්න එක තමයි හොද.
අද Blog පෝස්ට් එක මෙතනින් ඉවර වෙනවා, ඔයාලට Milky Way Photography සම්බන්දව මොන ප්‍රශ්නයක් තිබ්බත් මෙතන comment කරලා අහන්න. Comment කරන්න කලින් ඔයාට Login වෙන්න වෙයි. Google Account එකෙන් හරි, Facebook එකෙන් හරි Login වෙන්න. එතකොට මන් Blog එකක් දාපු ගමන්ම ඔයාට Notification එකක් එනවා, එහෙනම් අද Blog එක මෙතනින් ඉවර කරනවා ඊලග එකෙන් හමුවෙමු.
මන් ගත්ත Milky Way ෆොටෝස් මේ ලින්ස් එකට ගිහින් බලන්න පුලුවන් https://www.ashanupekshaka.com/3rd-gallery
good work aiye