20 Steps for Beginner Drone Pilot
- Ashan Upekshaka
- Dec 30, 2018
- 9 min read
Updated: Jan 5, 2019

අද Blog පෝස්ට් එකෙන් මම කියන්න යන්නේ මුලින්ම Drone එකක් පාවිච්චි කරන අයට වැදගත් වන Step 20 ක් ගැන. Drone එක මුලින්ම පාවිච්චි කරන අයට වගේම මන් අද කියන සමහර Step අනිත් අයටත් වැදගත් වෙයි. post එකේ ගොඩක් තොරතුරු ඇතුලත් වෙනවා. ඉතින් පලවෙනි Step එකේ ඉදන් අන්තිම Step එකට වෙනකන් මන් කියන දේවල් හරියට පිලිපැද්දොත් සීයට සීයක් sure ඔයා හොද Drone pilot කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි කෙලින්ම කතාවට බහිමු. මේ තියන සමහර Step Basic Level එකේ එවා. ඒත් ඔයා Drone එකක් ගත්ත ගමන් නම් ඔයාට කිසිම අදහසක් නැති වෙන්න පුලුවන් මොකද්ද කරන්න ඕනි කියලා. මන් පලවෙනියට Drone එකක් ගත්තාමත් මට කිසිම අදහසක් තිබ්බේ නෑ මන් මොකද්ද කරන්න ඕනි කියන එක. ඉතින් ඒ Basic දේවල් ටිකත් ඔයාට ගොඩක් වැදගත් වෙයි.
01. Drone එකේ තියන හැම Sticker එකක්ම ගලවන්න ඒ වගේම Gimbal Guard එකත් අයින් කරන්න.
මේක බොහොම Basic දෙයක් Drone එක මුලින්ම Open කරනකොට ඒකේ Sensors වලට Stickers ගහලා තියනවා ඒ වගේම Battery වලට තටු වලට Stickers ගහලා තියෙන්නත් පුලුවන්. මේ හැම දෙයක්ම ගලවලා අයින් කරන්න. මොකද මේ දේවල් තියෙන්නේ අපි Fly කරද්දී Drone එකේ ආරක්ශාවට නෙවෙයි. ඒ වගේම gimbal Guard එකත් මතක ඇතුව අයින් කරන්න. හුග දෙනෙක් කරන වැරැද්දක් තමයි ඒක. Gimbal Guard එක අයින් කරන්නේ නැතුව Fly කරන්න යනවා. Gimbal එක Free Move වෙන්න ඕනි ඒක නිසා මතක ඇතුව Gimbal Guard එක අයින් කරන්න.

02. Smart phone එකට DJI Go4 ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන, Drone එක Connect කරලා ඇප් එකෙයි Drone එකෙයි අලුත්ම Firmware ටික Update කරගන්න.
මේක ඉතාමත් වැදගත් දෙයක්. හැබැයි බය වෙන්න එපා. Phone එක WiFi වලට සම්බන්ද කරලා DJI Go4 ඇප් එක Download කරගෙන Drone එක Connect කරාට පස්සේ, ඇප් එක හරහා ඒ වැඩේ කරගන්න පුලුවන්. WiFi Connect කරලා ඇප් එක Open කරලා ඇප් එකේ Instruction පිලිපදින්න විතරයි තියෙන්නේ. Mobile Date වලින් උනත් මේක කරන්න පුලුවන්. මතක ඇතුව මේ Step එකනම් කරන්න. මේක ඉතාමත් වැදගත්. මේකෙන් අපිට Bugs අයින් කරගන්න පුලුවන්. ගොඩක් Drone crash වලට හේතුව මේ දේ නොකර Fly කරන එක.
03. Drone එක Controller එකට හරියට සම්බන්ද කරලද කියලා බලන්න.
මට එක පාරක් නකල්ස් රක්ෂිතය ඇතුලෙදී මේක උනා. ඒ වෙලාවේ මන් පාවිච්චි කරපු phone එකේ Charging Port එකේ අවුලක් තිබ්බා. Drone එක Fly කරලා ටික වෙලාවක් යනකොට මට Image Transmission Signal නැතුව ගියා. මොකද අර Charging point එකේ අවුල නිසා. මුලින්ම Drone එක පාවිච්චි කරන කෙනෙක්ට මේ දේ උනොත් ඒයා අනිවාරෙන් ගොඩක් කලබල වෙනවා. ඒක නිසා Drone එක Controller එකට Controller එක Phone එකට හරියට සම්බන්ද වෙලාද කියලා හරියටම බලන්න.

04. නිවස ඇතුලේ Drone එක Fly කරන්න එපා.
මන් දන්නවා ඔයා ගොඩක් ආසවෙන් ඉන්නේ Drone එකක් ගත්ත ගමන් මේක Fly කරන්න. සමහර විට ඔයා Drone එක ගත්තේ හවසක වෙන්න පුලුවන්, නැත්තම් එදා වැස්ස දවසක් වෙන්න පුලුවන්, කොච්චර ආස උනත් ඒ වගේ වෙලාවට ගේ ඇතුලේ නම් Drone එක යවන්න එපා. මාත් මගේ පලවෙනි Drone එක ගත්ත දවසේ කරන්න ගිය මෝඩ වැඩක් තමයි මේක. ඒත් මට මතක විදිහට එදා මොනවා හරි හේතුවක් නිසා Drone එක Fly කරන්න බැරි උනා. පස්සේ කාලෙක තමයි හිතුනේ හොද වෙලාවට එහෙම උනේ කියලා. මොකද වෙන්නෙ Drone එක ගිහින් TV එකේ හරි, ගෙදර ඉන්න මනුස්සෙක්ගේ හරි වැදුනොත්. මොකක වැදුනත් ඒක Drone එකට වගේම වැදෙන භාන්ඩෙටත් හානියක්. ඒක නිසා කොයිම වෙලාවකවත් මේ වැරැද්ද නම් කරන්න එපා.

05. කාලගුනය අවුල් නම් කොයිම වෙලාවකවත් Drone එක Fly කරන්න එපා.
මේක මන් උඩ කිව්ව Step එකටම අදාල වෙනවා. හිතන්න වහින්න ඔන්න මෙන්න තියෙන්නේ ඔයා Drone එක Fly කරනවා. මීටර 100 ක් විතර ගියාට පස්සේ එක පාරට වහින්න ගන්නවා, එහෙම උනොත් වෙන දේ ආයේ අමුතුවෙන් මන් කියන්න ඕනි වෙන් නෑ නේ. එහෙමයි කියලා මන් අර කලින් කිව්වා වගේ ගේ ඇතුලේ යවන්න එපා. වැස්ස විතරක් නෙවෙයි හුලග මීදුම මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න.
06. දුරකතනය, Drone බැටරි, Drone controller 100% charge කරගෙන යන්න.
මේකත් Basic දෙයක්. ඒක වැදගත්. ඔයා Fly කරන්න හදනකොට Battery level එක 10% වගේ තිබ්බොත් ඔයාට Drone එක Fly කරන්න බැරි වෙනවා. අනික ඔයා Phone එක Connect කරලානම් Drone එක පාවිච්චි කරන්නේ Phone එකේ Battery එක ගැන විශේෂයෙන් හිතන්න. සමහර අයගේ Phone තියනවා 20% විතර පස්සේ Phone එක Off වෙලා යනවා. ඉතින් එහෙම phone එකකින් 25% වගේ Drone එක Fly කරන්න ගත්තොත් වෙන දේ හිතා ගන්න පුලුවන් නේ.
07. Drone වලට අදාල නීති රීති ගැන හොයලා බලන්න.
මේක වැදගත් අපිට හිතෙන හිතෙන විදිහට හිතෙන හිතෙන තැන් වල Drone එක යවන්න බෑ. ඒක නිසා Drone වලට අදාල නීති රීති ගැන විශේෂයෙන් හොයලා බලන්න. ඔයා ලංකාවේනම් ලංකාවට අදාල නීති ගැන Google එකේ හොයලා බලන්න. මගේ යාලුවෙක් Drone එක ගත්ත ගමන් දන්නේ නැතුව රත්මලාන area එකේ යවලා තිබ්බා. යාලුවගේ ගෙදර තියෙන්නේ රත්මලාන Airport එක කිට්ටුව අන්තිමට Drone එක ගිහින් Airport එක ඇතුලේ. ඉතින් දන්නවනේ වෙන ප්‍රශ්න මෙහෙම උනාම. මේ දේවල් නිසා ලංකාව ඇතුලේ Drone භාවිතය තහනම් කරන්නත් පුලුවන්. Horton Place වලදී මට උන ප්‍රශ්නයක් මන් ඊලග Blog පෝස්ට් එකක ලියන්නම් කියවලා බලන්න.

08. හොදට ඉඩ තියන ආරක්ශිත තැනක් තෝර ගන්න.
ඔයා මුලින්ම Drone එක යවනකොට ඔයා දන්නේ නෑ Drone එක කොහොම වැඩ කරයිද, ඒක යන Speed එක. Controller එක කොහොමද වැඩ කරන්නේ මේ කිසි දෙයක්. ඉතින් ගෙදර මිදුලේ වගේ පොඩි Area එකක යවන්න Try කරොත් මොකක හරි ගිහින් වැදෙන්න තියන ඉඩ කඩ වැඩී. මන් මගේ පලවෙනි Drone එක පුරුදු වෙන්න ලොකු පිට්ටනියකට තමයි ගියේ. වටේ පිටේ කරදර අඩු Drone එකට විතරක් අවදානය දීලා නිදහසේ පුරුදු වෙන්න පුලුවන් තැනකට අනිවාරෙන් යන්න. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි, Drone එක ගැන ඉගෙන ගන්න. හොදට ඉඩ තියන Open තැනක් හොයාගත්තත් හරියට Check කරලා බලන්න Restricted Area එකක්ද කියලා.
09. Drone එක යවන ප්‍රදේශයට අදාල නියාමන, රෙගුලාසි ගැන හොයලා බලන්න
මේක මන් අර කලින් කිව්ව නීති වලටත් අදාල වෙන දෙයක්. සමහර ප්‍රදේශ තියනවා Drone යවන්න තහනම්. ඔයා මේ දේවල් දැනගෙන ඉන්න ඕනි Drone එක යවන්න කලින්. National Park, Airport ලග මේ වගේ තැන්වල Drone යවන්න තහනම්. Class A, B, C, D Air space වලට Drone එකක් යවන්න තහනම්, Class G, Air space වල විතරයි Drone එකක් යවන්න අවසර තියෙන්නේ. ඉතින් තමන් යන තැනට අදාලව මේ දේවල් හොයාගෙන යන්න. තොරතුරු හොයාලා බලන්න මොන වගේ Area වලට යවන්න පුලුවන් කියලා. මේවට වෙන රටවල් වල නම් වෙනම ඇප් තියනවා. ලංකාවට මේක මන් දන්න තරමින් ලොකුවට Update කරලා නෑ තාම. ඒ උනත් DJI Go4 ඇප් එකෙන් මේ ගැන හොයලා බලන්න පුලුවන්. ලංකාවේ උනත් ගොඩක් වෙලාවට Restrict Area වල ඇප් එක හරහාම Drone එක උඩට ගන්න දෙන්නේ නැතුව Hold කරන් ඉන්නවා. අනවශ්‍ය ප්‍රශ්න අවම කරගන්න මේ දේවල් හොයාලා යන්න ඒක තමයි හොදම දේ.

10. Drone එකේ තියන Memory Card එක චෙක් කරගන්න.
පුද්ගලිකව මට මේක ගැන ගොඩක් අද්දැකීම තියනවා. එක දවසක් Drone එක යවලා ටික වෙලාවකින් Msg එකක් එනවා Memory card is full කියලා. බලනකොට මන් දාලා තියෙන්නේ වෙන Memory Card එකක් Drone එකට use කරන එක නෙවෙයි. ඒ වලාවේ තව Battery බාගයක් විතර ඉතුරුවත් තිබුනා. තව දවසක් 4K වීඩියෝ එකක් කරන්න මට ඕනි Video Clips ටික ගත්තා. ඔක්කොම ඉවර වෙලා ගෙදර ඇවිත් බලනකොට තමයි දැක්කේ Speed එක අඩු මගේ පරන Memory Card එකක් දාලා තමයි මන් Video කරලා තියෙන්නේ. ඔක්කොම වීඩියෝ Clips ටික කැඩි කැඩී Play වෙන්නේ. මොකද 4K වීඩියෝ එකක් Record කරනවා නම් චිප් එක 100mb/s හෝ ඊට වඩා Speed වෙන්න ඕනි. මොකද 4K වීඩියෝ එකක තප්පරයක් Save වෙන්න 100mb වත් ඕනි වෙනවා. ඉතින් ඒ Speed එකට ගැලපෙන චිප් එකක් පාවිච්චි කරේ නැත්තම් මට උන වැඩේ තමයි වෙන්නේ. ඒ දේ ගැනත් අවදානය යොමු කරන්න.
11. IMU එක Reset කරලා Compass එක Re- Calibrate කරන්න
මේ දේවල් තමයි Drone එක Stable ව තියාගන්න උදව් වෙන දේවල්. අනිත් පැත්තෙන් මේ IMU කියන එකයි Compass එකයි අපි දෙන command වලට කෙලින්ම බලපානවා. කෙටියෙන්ම කියනවනම් Drifting වලට Camera එක Tilting කරන්න Remote එකෙන් දෙන command වලට කෙලින්ම බලපානවා. මේ දෙක Reset කරන්න කියන්නේ, Drone එක අපි මිලදී ගන්න Shop එකට එන්නේ කන්ටේනර්වල ඇවිත්, Plane එකක ඇවිත්, Ship එකක ඇවිත් වෙන්න පුලුවන්. ඔහොම එනකොට Drone එක එක විදිහකට තියෙන්නේ නෑ. හෙල්ලෙනවා, ගැස්සෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි IMU එක Reset කරලා Compass එක Re-calibrate කරන්න ඕනි. මොකද අපි කාටවත් Drone එක Stable නැතුව උඩ යවන්න ඕනි නෑ. සල්ලි වියදම් කරලා ගන්න Drone එක වටින නිසා Drone එකේ ආරක්ශාවට මේ Step එකත් කරන්න අමතක නොකර. දැන් Drone එක ඔක්කොම Set up කරලා Fly කරන්න Ready පිට ඉන්නේ.
12. Drone එකට ටික වෙලාවක් දෙන්න GPS Signal lock up කරගන්න.
Drone එක උඩ යවන්න කලින් Drone එකට ටික වෙලාවක් දෙන්න GPS location එක Lockup කරගන්න. කොයිම වෙලාවකවත් ඔන් කරපු ගමන් Fly කරන්න එපා. මන් පලවෙනිම පාර Fly කරනකොට මට උන දෙයක්ම මන් කියන්නම්. මන් Drone එක on කරපු ගමන් ටිකක් උඩ යවලා ඈතට යැව්වා. ටික වෙලාවකින් Return to Home දුන්නම Drone එක ඇවිල්ලා මන් යවපු පිට්ටනියට ඉස්සරහ තියන ගෙදරට තමයි දැන් Land කරන්න යන්නේ. Drone එක එතන තමයි Home Point එක කියලා අරගෙන තියෙන්නේ. ඒ වෙලාවෙනම් මන් ඉක්මනට Return to Home cancel කරලා Manual ගෙන්න ගත්තා. මෙතනදිත් වෙලා තියෙන්නේ මන් මේ Step එක කරලා නැති එකයි. Drone එක GPS location එක Lockup කරගෙන තියෙන්නේ ඒ ගේ ගාවින් යනකොට. මෙහෙම හිතන්නකෝ ඔයා Battery parentage එක Return to Home වලට විතරක් ඉතුරු කරගෙන ගෙන්න ගත්තා කියලා ඒ වගේ වෙලාවට ඔයාට මීටර 100 ක් විතර එහා තැනකනම් GPS location එක lockup කරගෙන ඉන්නේ Drone එක යන්නේ එතනට. එතනට යන වෙලාව Calculate කරලා තමයි අපිට Battery එක පෙන්නන්නේ. නැතුව අපි ඉන්න තැනට එන්න නෙවෙයි. ඒක නිසා Drone එක Fly කරන්න කලින් Drone එක අපේ මට්ටමට Up කරලා තප්පර 20,30 ක් ඉන්න Location එක Lockup කරගන්නකන්.
13. Drone එක Take off කරලා පොඩි වෙලාවක් තියලා තියන්න Fly කරන්න කලින්
මේ Step එක කරන්නේ අපි Drone එකට අදාල සියලුම දේවල් හරියට Connect වෙලාද කියලා චෙක් කරලා බලන එක. හිතන්න අපි Drone එක යවලා ටික වෙලාවකින් මොකක් හරි ප්‍රශ්නයක් නිසා Drone එක වැටුනොත්. මේ වගේ දේවල් ඕනි තරම් වෙලා තියනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් GPS Connecting වල හරි, Remote එකත් එක්ක තියන Connection එකේ හරි අපිට ඒක දැනගන්න පුලුවන් කිසිම හානියක් වෙන්නේ නැතුව. ඒක නිසා Take off කරලා Controller එකෙන් අත් දෙක පොඩ්ඩක් අයින් කරලා තප්පර 30 ක් විතර Drone එක ඒ විදිහටම තියන්න.
14. දැන් Drone එක අයේ Land කරලා Off කරලා On කරන්න.
දැන් ඔක්කොම දේවල් හරි හැමදේම Setup කරලා ඉවරයි, Drone එක Fly කරන්න තමයි තියෙන්නේ.
15. හැමවෙලාවෙම Drone එක අපිට Control කරන්න පුලුවන් පේන මායිමක තියාගන්න
පලවෙනියටම Fly කරන කෙනෙක් එහෙම නැත්තම් තාම පුරුදු වෙන කෙනෙක් Drone වලට අලුත් කෙනෙක් කොයිම වෙලාවකවත් තමන්ට පේන්නේ නැති තරම් ඈතට යවන්න එපා. ඔයා Drone එකට අලුත්. මුලින්ම Drone එක වැඩකරන විදිහ අදුරගෙන ඉන්න ඕනි. තමන්ගේ ඇස් මායිමේ තියාගෙන Drone එක දිහා බලලා ඒක වැඩ කරන විදිහ අද්‍යනය කරන්න. Screen එක දිහා විතරක් බලාගෙන ඉන්න එපා හැමවෙලාවෙම. ඔයා බලන්න ඕනි Controls වැඩ කරන විදිහ හා Drone එක වැඩ කරන විදිහ. සමහර අය First Flight එකෙන්ම කිලෝමීටර ගනන් ඈතට යවන්න හදනවා. කොයිම වෙලාවකවත් එහෙම කරන්න යන්න එපා.
16. Drone එකේ තියන් හැම button එකක්මයි හැම movement එකක් මයි use කරලා බලන්න.
මේකෙන් Drone Controller එක ගැන වගේම DJI Go4 ඇප් එක ගැනත් විශාල අවබෝධයක් ගන්න පුලුවන්. Drone එක, Drone එකේ කැමරාව තමන්ට ඕනි විදිහට move කරලා බලන්න. මොකද මුලින්ම උඩ යවලා හොද photo එකක් ගහන්න ඕනි නෑ. අපි controllers ටිකයි Movement ටිකයි හරියට ඉගෙන ගෙන ඉන්න ඕනි.
17. Return to Home, button එක චෙක් කරලා බලන්න.
දැන් ටිකක් ඈතට යවන්න. ඒත් මතක තියාගන්න අපේ ඇස් මායිමේම තියාගන්න. ඊට පස්සේ Return to Home button එක click කරලා බලන්න කොහොමට ඒක වැඩ කරන්නේ කියලා. එතකොට හදිසි අවස්ථාවක ඔයාට idea එකක් තියනවා කොහොමට Drone එක තමන් ලගට එන්නේ කියලා.

18. Photo mood එක, Video Mood එක පාවිච්චි කරලා බලන්න.
දැන් ඔයාට controls ගැන පොඩි වැටහීමක් තියනවා. ඊලගට photo ටිකක් ගහලා බලන්න. එක එක Angle, Try කරලා බලන්න. එවා ලස්සනද කැතද කියලා හිතන්න යන්න එපා. මොකද අපි තාම Drone එක ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නේ. Photo Mood එකට අදාල Settings වෙනස් කර කර ගහලා බලන්න. එතකොට Photo mood එකේ තියන Settings ගැන අපිට අවබෝදයක් ගන්න පුලුවන්. දැන් Video Mood එක, ඔයාගේ Controller එකත් එක්ක එක එක Movement කරලා බලන්න. ඊට පස්සේ බලන්න කොහොමද ඒ Video clips කියලා. Drone එක ගැන ඉගෙන ගන්න හොදම විදිහ තමයි ඒක භාවිතා කරන එක.
19. පලවෙනියට Fly කරන වාර කිහිපයේදී Battery ඉවර වෙනකන්ම පාවිච්චි කරන්න.
මේ මන් කියන්නේ Battery level එක 0% වෙනකන් Fly කරන්න කියලා නෙවෙයි. මුල් වාර ටිකේදී 30% ක් වත් අඩු වෙනකන් පාවිච්චි කරන්න. මන් කලින් කිව්වා වගේ Drone එක ඉගෙන ගන්න හොදම විදිහ දිගටම Practice කරන එක. එක එක දේවල් කරලා බලන්න. ටික දවසක් යනකොට ඔයාටම තේරෙයි ඔයා Improve වෙලා කියලා. ඊට පස්සේ ඔයාට පුලුවන් ලස්සන Photos ගන්න. කෙටියෙන්ම කියනවානම් ඔයා දන්නවා Drone එකෙන් වැඩ දාන්න.
20. වටපිටාව එහි ඉන්න මිනිසුන් ගැන අවදානය යොමු කරන්න
මේකට මන් අද උන උදාහරණයක්ම ගන්නම්. අද (2019.01.05) ඉදන් දෙමෝදර ආරුක්කු නවයේ පාලම ලග එහෙම නැත්තම් 9 Arch Bridge එක ගල Drone යැවීම සම්පූරනයෙන් තහනම් කරලා තියනවා. ඒකට ප්‍රදානම හේතුව වෙලා තියෙන්නේ පොලීසිය එපා කියද්දිත් එතන Drone එකක් යවලා එතන ඉන්න බබරු ඇවිස්සිලා එතන ඉදපු අපේ රටේ මිනිස්සුන්ට වගේම විදේශිකයන්ටත් දශ්ට කරලා. කිහිප දෙනෙක් Hospital වලටත් ගෙනිහින් තියනවා. ඉතින් මේ උදාහරණයෙන්ම මේ Step එක ගැන හොදට පැහැදිලි වෙනවා ඇති. එක් පුද්ගලයෙක් කරන වැඩක් නිසා අන්තිමට උනේ හැමදෙනාටම ඒක තහනම් උන එක. ඒක නිසා මේ Step එක හරි වැදගත් Drone යවන්න අවසර තියන තැන් වල උනත් Drone එක යවද්දි පරෙස්සම් වෙලා අනිත් මිනිස්සු ගැන හිතන්න. නැත්තම් ඔබ කරන එක වැරැද්දකින් Drone පාවිච්චි කරන හැමෝටම බලපෑම් ඇති වෙනවා.
ඉතින් මන් හිතනවා මේ Steps 20 සෑහෙන්න වැදගත් වෙයි කියලා ඔයා තාම අලුත් නම් Drone එකට. ඒ වගේම Drone එක ගොඩ කාලෙක ඉදන් පාවිච්චි කරන අයටත් මේ දේවල් වලින් ගන්න දෙයක් තියෙන්න පුලුවන්. මතක තියාගන්න Drone කියන්නේ තාක්ශනික උපකරනයක් විතරයි, ඕනි තරම් දේවල් වැරදෙන්න පුලුවන් අපි මේක පාවිච්චි කරද්දී. මන් මේ දේවල් ලියන්නේ මගේ අද්දැකීම් එක්ක. මට මුහුන දෙන්න උන දේවල් එක්ක. ඉතින් Drone ගැන මගේ ඊලග Blog පෝස්ට් එකෙන් හම්බෙන්නම්. ඔයාලට මොනවා හරි දැනගන්න ඕනි නම් Comment එකක් දාන්න. නැත්තම් ඊලගට කතාකරන්න ඕනි මොනවගේ දේවල් ගැනද කියලා Comment එකක් දාගෙන යන්න. Comment කරන්න කලින් ඔයාට Login වෙන්න වෙයි. Google Account එකෙන් හරි, Facebook එකෙන් හරි Login වෙන්න. එතකොට මන් එකක් දාපු ගමන්ම ඔයාට Notification එකක් එනවා. මන් Drone ගැන Article Series එකක්ම ලියන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අද Blog එක මෙතනින් ඉවර කරනවා ඊලග එකෙන් හමුවෙමු. ඊලග blog පෝස්ට් එක Drone එකත් එක්ක Travel කරන අයට වැදගත් වෙයි.
me post ekath patta
පුලුවන් නම් drone වර්ග ගැනත් post ඒකක් දාන්න....