8 Tips for Traveling with A Drone
Updated: Jan 18, 2019

අද මම කතා කරන්න යන්නේ Drone සහ Traveling ගැන. මම ආසම කරන දේවල් දෙකක්.
ගොඩක් කට්ටිය මගෙන් අහන දේවල් තමයි "මොන වගේ drone case ද පාවිච්චි කරන්නේ, මොන drone එකට travel කරන්න හොදම drone එක, කොහොමද මන් දේවල් check කරගන්නේ"
ඉතින් මන් කතා කරන්න පහසු වෙන්න අද blog එක මෙහෙම නම් කරනවා “8 tips for traveling with a drone“
හරි එහෙමනම් පලවෙනි දේ, මේක තමයි වැදගත්ම දේ හැමෝටම මන් කියන.
01. Drone වලට අදාල නීති රීති දැනගෙන ඉන්න.
මේ දේ ලංකාවට වගේම ලංකාවෙන් පිට travel කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ගොඩක් වැදගත්. මොකද අපිට හිතෙන හිතෙන විදිහට අපිට ඕනි ඕනි තැන් වල drone එක යවන්න බෑ. මන් මට උන අද්දැකීමක් ම මේකට උදාහරනෙකට ගන්නම්. මන් Horton Place ගිහින් පාක් එක ඇතුලේ නැතුව පිට තැනක මගේ Drone එක යැව්වා. මොකද ප්‍රදාන ගේට්ටුවෙන් ඇතුලේ Drone එක කොහොමත් යවන්න දෙන්නේ නැති නිසා. සාමාන්‍යයෙන් මන් යන හැම දැනකම Drone වලට අදාල Rules හොයලා බලලා යනවා උනත් මට එදා මේකට වේලාවත් තිබුනේ නෑ. ගමන හදිසියෙන් දාගත්ත එකක් හින්දා. මන් මගේ Drone එක උඩ යවලා මට ඕනි Shot එක අරගෙන ඉවර වෙලා බාගන්න කොටම වනජීවී එකෙන් ආවා. ඇවිත් Drone එක ගත්තා. ඉතින් ඔයාට ඒ දේ වෙන්න ඕනි නෑ, වනජීවී එකේ නිලධාරීන් වටේට ඉදගෙන ඔයාට මේක යවන්න බෑ මෙතන, ඊට පස්සේ ඒක පෙට්ටියකට දැම්මා, එච්චරයි, ඒ අය ගත්තා මගේ Drone එක. ඒ වගේ දෙයක් උනොත් ඉතින් එන හැගීම ගැන මන් අමුතුවෙන් කියන්න ඕනි නෑ. ලංකාවේ ඇතුලේ වගේම ලංකාවෙන් පිට Travel කරනකොටත් මේක ගොඩක් වැදගත්. මේ වගේ දෙයක් කාටවත් වෙන්න ඕනි නෑ. දැන් Internet එකේ ඕනි තරම් දේවල් තියනවා මේ නීති, රීති ගැන. නිකමට යන්න කලින් google කරලා බලන්න.
ඔයා ලංකාවෙන් පිට අපි හිතමුකෝ Bali වලට යනවා කියලා. Google කරලා බලන්න "Drone Rules and Regulations in Bali” ඕනි තරම් තොරතුරු ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. මේ දේ කරන්න අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. ටිකක් කලින් හොයලා බලන්න පටන් ගන්න. මට උනා වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් මේ ගැන දැනුවත් වෙලා යනවානම් ඒක සෑහෙන්න වැදගත් වෙයි.

02. Drone එකට අදාල සියලුම උපකරන වලට ගැලපෙන ආරක්ශිත Case බාවිතා කරන්න
මන් මගේ Drone එක Drone එකේ size එකටම ගැලපෙන Case එකක දාගෙන තමයි Travel කරන්නේ. මොකද එතකොට ඒක මගේ Traveling බෑග් එකේම දාගෙන යන්න පුලුවන් වෙන නිසා. සමහර අය ලොකු cases බාවිතා කරනවා. පුද්ගලිකව මන් කැමතියි Drone එකට ගැලපෙන පොඩි Cases පාවිච්චි කරන්න මොකද මගේ Travel Bag එකේ Drone එකට අමතරව මගේ කැමරා බඩු ගොඩක් තියෙන නිසා. මම දන්නේ නෑ Travel කරනකොට මට කොහේ යන්න වෙයිද කියලා, මන් දන්නේ නෑ ඒ වෙලාවේ මට මුහුන දෙන්න වෙන දේවල්, ඒක නිසා ලොකූ Drone case වලට මන් කැමති නෑ . ඒක නිසා තමයි මන් පොඩි Case එකක් පාවිච්චි කරන්නේ.
03. හොද කැමරා බෑග් එකක් හරි backpack එකක් හරි පාවිචිචි කරන්න
මේ දේ ගොඩක් වැදගත් වෙන්නේ ලොකු Drone පාවිච්චි කරන අයට. Phantom Series එක වගේ පාවිච්චි කරන අයට Drone එකේ බඩු ටික දාගෙන යන්නම වෙනම Backpack එකක් හරි Bag එකක් හරි ගන්න වෙනවා. Mavic හරි Spark හරි පාවිච්චි කරන අයට නම් Traveling Backpack එකේම Drone එකයි ඒකට අදාල අනිත් බඩු ටිකයි දාගෙන යන්න පුලුවන්. මන් කලින් කිව්වා වගේ Drone එකට අදාල බඩු වලට Protective Cases පාවිච්චි කරනාවනම් Drone එකට අදාලව අපිට ඕනි බඩු ටික විතරක් Backpack එකේ දාගෙන යන්න පුලුවන්. මොකද සමහර වෙලාවට අපි දවසක් Travel කරනවා වෙන්න පුලුවන් එහෙමත් නැත්තම් දවස් දෙක තුනක්, සතියක්, මාසයක් වෙන්න පුලුවන්. මම මගේ Drone එකට අමතරව, මගේ කැමරාව, ඒකේ ලෙන්ස්, Tripod එක, Stabilizer එක වගේ ගොඩක් දේවල් අරගෙන යනවා. ඊටත් අමතරව ටෙන්ට්, කැම, වතුර, ඇදුම් වගේ දේවල් අරගෙන යන්නත් වෙනවා. ඉතින් බර අඩුවෙන තරමට මම විතරක් නෙවෙයි අපි හැමෝම කැමතියි. හොදට හොයලා බලන්න මට නම් මට හරියන Backpack එකක් හොයාගන්න අවුරුද්දකට වඩා ගියා.
04. Drone එකට අදාල හැම උපකරනයක්ම හැමවෙලාවෙම තමන් ලගින්ම තියාගන්න.
මේ ලගදී මගේ යාලුවෙක් ගේ Drone බෑග් එක බස් එකේ රැක් එකට දාලා එයා Sheet එකේ ඉදගෙන ගිහින් තියනවා. බහින තැන ලං වෙලා බලනකොට Drone එක තිබුන බෑග් එක තිබිලා නෑ. මන් හිතන්නේ නෑ කවුරුත් කැමති වෙයි කියලා අදාල තැනට ගියාට පස්සේ Drone එක කැඩිලා හරි Drone එක නැති වෙලා තිබ්බොත් හරි. ඒක නිසා තමයි මන් පොඩි Drone case එකක් පාවිච්චි කරන්නේ එතකොට ඒක මගේ Backpack එකේම දාගෙන මගේ ලගම තියාගන්න පුලුවන් මන් කොහේ ගියත්. මං මේ කියන දේවල් ලංකාව ඇතුලේ Travel කරනකොට විතරක් නෙවෙයි ලංකාවෙන් පිට Travel කරනකොටත් වැදගත් වෙයි. Mavic pro, Mavic Air, Spark එකක් වගේ නෙවෙයි ඔයා ලග තියෙන්නේ Phantom 4 වගේ Drone එකක් නම් මන් හිතන්නේ නෑ ඔයාට Travel කරනකොට ඒක Backpack එකේ දාගෙන යන්න පුලුවන් වෙයි කියලා මොකද මන් කලින් කිව්ව Drone වලට සාපේක්ෂව Phantom Series එක ලොකු නිසා. කොහොම උනත් Drone එක Backpack එකේ දාගෙන ගියේ නැති උනත් ඒක වෙනම බෑග් එකක දාගෙන ගියා උනත්, හැමවෙලාවෙන තමන් ලගින්ම තියාගන්න අමතක කරන්න එපා.
05. හැමවෙලාවෙම Gimbal Clamp එක පාවිච්චි කරන්න.

Gimbal Clamp එකක් පාවිච්චි කරනකොට Drone එකේ Gimbal එක අපේ හෙලවීම් එහෙම නැත්නම් අපේ Moments එක්ක Stable ව තියාගන්න පුලුවන්. ඔයා ඔයාගේ Drone බෑග් එක එහෙම නැත්තම් Drone එක දාලා තියන Backpack එක හැමවෙලේම එකම තැනක එකම විදිහට තියෙන්නේ නෑ. සමහර වෙලාවට ඒක කරේ දාගෙන දුවන්න වෙනවා, බෑග් එක කොහේ හරි වදින්න පුලුවන් ගිහින්, වාහනේ යනකොට පාර එහෙම හොදට නැත්තම් වාහනේ හෙල්ලෙනවා. ඒක නිසා මේ දේවල් එක්ක Gimbal එක හෙලවෙන්න ගියොත් ඒක Drone එකට විශාල හානියක්. මාත් ගොඩක් වෙලාවට Drone එක යවලා මට ඕනි Shot ටිකයි Video clips ටිකයි අරගෙන ඉවර වෙලා අයේ බඩු ඔක්කොම pack කරාට පස්සේ දකිනවා මන් Drone එක පැක් කරලා තියෙන්නේ Gimbal එකේ Clamp එක දාන්නේ නැතුව කියලා. ඒ වගේ වෙලාවට කම්මැලි වෙන්න එපා අයෙත් අර පැක් කරපු ඔක්කොම බඩු ටික එලියට අරගෙන හරි Gimbal එක Clamp එකෙන් වහන්න. ඒක ගොඩක් වැදගත්. හරි දැන් Drone එකත් එක්ක අදාල Location එකට ගියා කියලා හිතන්න, Drone එක උඩ යවන්න කලින් මෙන්ම මේ දේවල් ගැන අවදානය දෙන්න.
06. IMU එක Reset කරලා Compass එක re- Calibrate කරන්න


මන් මේ ගැන කලින් Blog පෝස්ට් එකකත් කියලා තියනවා ආයේත් කියන්නම් ඒ උනාට. මේ දේවල් තමයි Drone එක Stable ව තියාගන්න උදව් වෙන දේවල්. අනිත් පැත්තෙන් මේ IMU කියන එකයි Compass එකයි අපි දෙන command වලට කෙලින්ම බලපානවා. කෙටියෙන්ම කියනවනම් Drifting වලට Camera එක Tilting කරන්න Remote එකෙන් දෙන command වලට කෙලින්ම බලපානවා. සමහර වෙලාවට Drone අපේ මට්ටමට උඩට Fly කරලා අරන් බලන්න Drone එක කොහෙටවත් Move වෙන්නේ නැතුව එක තැනම තියෙනවා උනත් ඒ තියන තැන ඉදන්ම Drone එක පොඩ්ඩක් ගැස්සෙනවා වගේ වෙනවා. හැබැයි හරියට මේ IMU එක reset කරලා Compass එක Re-calibrate කරලා තිබුනොත් මේ දේ 95% විතරම නැති කරගන්න පුලුවන්. IMU කියන්නෙ Inertial Measurement Unit කියන එක. ඒ කියන්නෙ ඒකෙ ඇතුලෙ තමා තියෙන්නෙ ජයිරො, බැරෝ මීටර් වගේ දේවල් හා black box එක, ඩ්‍රෝන් එකේ ගැස්සෙන ඒවගෙන් වැලකෙන්න විශේශ ක්‍රමයක් පාවිච්චි කරලා ඒක හදල තියෙන්නෙ. IMU එක හරි උශ්නත්වය යටතේ reset කරේ නැත්නම් Drone එක worm up වෙන්න යන වෙලාව වගේ දේවල් වල ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඒක නිසා IMU එකේ error එකක් නැත්තම් ඒක reset කරන්න යන්න එපා. Compass එක Reset කරන්න කියන්නේ, බෑග් එකේ දාගෙන Travel කරනකොට Drone එක එක විදිහකට තියෙන්නේ නෑ. Drone එක හෙල්ලෙනවා, එහෙට මෙහෙට Move වෙනවා. ඉතින් අන්න ඒ දේ නිසා තමයි මේක වැදගත් වෙන්නේ. අපි කාටවත් Drone එක Stable නැතුව උඩ යවන්න ඕනි නෑ. සල්ලි වියදම් කරලා ගන්න Drone එක වටින නිසා Drone එකේ ආරක්ශාවට මේ Step එකත් කරන්න අමතක නොකර. IMU එක නම් අවශ්‍ය නම් විතරක් Reset කරාම ඇති, ඒත් Compass එක නම් Re-Calibrate කරන්න Travel කරලා එක උඩ යවන්න කලින්.
07. මුලින්ම පොඩි වෙලාවක් Test flight එකක් කරන්න.
Drone එක on කරලා හරියටම check කරගන්න හැමදේම හරියට connect කරලා තියනවද, GPS හරියට වැඩ කරනවද කියලා, ඊට පස්සේ Drone එක තමන්ගේ මට්ටමට උඩ යවලා තප්පර 20, 30 ක් තියෙන්නෙ අරින්න. ආයේ land කරලා ආයේ Restart කරලා උඩ යවන්න ගන්න. මොකද මේ Test Flight එක කරන්නේ හැමදේම හොදට වැඩ කරනවද කියලා බලන්න. කවදාවත් on කරපු ගමන් එක පාරට උඩ යවන්න එපා. මොකද වෙන්නේ තප්පර 30 කට විතර පස්සේ ඔයාට connection එක lost උනොත්. එක පාරක් මට බෝබුරු ඇල්ල බලන්න ගිහින් මේක උනා. මට එදා Test Flight එක කරන්න බැරි උනා මන් එක පාරට උඩ යැව්වා. මට තේරෙනවා ටිකක් උඩට ගියාට පස්සේ Drone එක මට control නෑ එයා Stable ව එක තැන ඉන්නේ නෑ දිය ඇල්ල පැත්තට ඇදිලා යනවා කියලා. බලනකොට GPS signal නෑ. ඉතින් මේ වගේ දෙයක් ඔයාගේ Drone එකට වෙන්න දෙන්න එපා. Drone කියන්නේ තාක්ශනික උපකරනයක් විතරයි, ඕනි තරම් දේවල් වැරදෙන්න පුලුවන් අපි මේක පාවිච්චි කරද්දී. ඉතින් උඩ යවන්න කලින් හැම Connection එකක් ගැනම හොයලා බලලා Test Flight එක කරන්න අමතක කරන්න එපා.
08. ඉතාමත් ආරක්ශාකාරීව, Smart විදිහට Drone එක පාවිච්චි කරන්න.
ඔයාට හිතෙනවනම් මෙතන Drone එක යවන්න තරම් හොද තැනක් නෙවෙයි කියලා. යවන්න එපා. සමහර විට මේ දේ හිතෙන්නේ ඉන්න මිනිස්සු නිසා නැත්තම් ඔයා ඉන්න තැන ( location ) එක නිසා වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට Drone එක උඩ යවන්න එපා. ඔයා ලංකාවෙම වෙන පලාතකට යනවනම් එහෙම නැත්තම් ලංකාවෙන් පිට වෙන රටකට යනවනම් අපි දන්නේ නෑ ඒ පැති වල මිනිස්සු කොයි වගේද කියලා. මොකද පුද්ගලිකව මට නම් මන් දන්නේ නැත් පැත්තකට ගිහින් මිනිස්සු ගොඩක් ඉස්සරහ Drone එක යවලා Attention එක ගන්න ඕනි නෑ. මන් travel කරපු ගොඩක් තැන්වලදී නම් මට මේ ප්‍රශ්නේ ඇවිත් නෑ. ගොඩක් මිනිස්සුන්ට කුතුහලයක් විතරයි තියෙන්නේ, සමහර අය නම් ගනන් ගන්නේ වත් නෑ. ඒත් කියන්න බෑ නේ මිනිස්සු එක වගේ නෑ නේ. නිකන් ප්‍රශ්න ඇති කරගන්න ඕනි නැති නිසා හැමවෙලාවෙම වට පිටාව ගැන අවදානයෙන්, ආරක්ශාකාරීව Drone එක යවන්න. ඔයාට හිතෙනවනම් Drone එක යවන එක අවුල් වගේ කියලා යවන්න එපා.

එහෙනම් ඔන්න ඔයා දේවල් තමයි මගේ Tips drone එකක් එක්ක travel කරද්දී. විනෝද වෙන්න ඒ වගේම පරෙස්සම් වෙන්න. ඒ වගේම ඔයාගේ Drone එකට ඔයාගේ සම්පූරන කාලයම යොදවන්න එපා. ඔයා කොහේ ගියත් හැමදේම Drone එක උඩ යවන එක කරගන්න එපා. Drone එක යවන්න හොද photos ටිකක් ගන්න, ඒවගේම ඒ මොහොට Enjoy කරන්න. අද තාක්ශනි උපකරනත් එක්ක ගොඩක් මිනිස්සු හිර වෙලා. ඒ මොහොත ගොඩක් දෙනෙක් රස විදින්නේ නෑ. ඕනි photos ටික ගන්න, Video එකට ඕනි Shots ටිකත් ගන්න, ඊට පස්සේ Drone එක පැත්තකින් තියලා ඒ මොහොත රස විදින්න පුරුදු වෙන්න.

අද Blog පෝස්ට් එක මෙතනින් ඉවර වෙනවා, ඔයාලට Drone සම්බන්දව මොන ප්‍රශ්නයක් තිබ්බත් මෙතන comment කරලා අහන්න. Comment කරන්න කලින් ඔයාට Login වෙන්න වෙයි. Google Account එකෙන් හරි, Facebook එකෙන් හරි Login වෙන්න. එතකොට මන් එකක් දාපු ගමන්ම ඔයාට Notification එකක් එනවා. මන් Drone ගැන Article Series එකක්ම ලියන්න හිතාගෙන ඉන්නවා, එහෙනම් අද Blog එක මෙතනින් ඉවර කරනවා ඊලග එකෙන් හමුවෙමු.
Some of My Drone Photos - https://www.ashanupekshaka.com/1st-gallery





Comments